ඔබේ නිවැරදි කේන්දර සටහන නොමිලේම සකසා ගන්න
නාසා (NASA) ග්රහ පිහිටීම් දත්ත භාවිතයෙන් අතිශය නිවැරදිව ඔබේ කේන්දරය, දශා කාලයන් සහ දෛනික පලාපල ක්ෂණිකව දැනගන්න.
නාසා (NASA) ග්රහ පිහිටීම් දත්ත භාවිතයෙන් අතිශය නිවැරදිව ඔබේ කේන්දරය, දශා කාලයන් සහ දෛනික පලාපල ක්ෂණිකව දැනගන්න.
කේන්දර වාර්තාවට ඇතුළත් අංග — ඔබේ කේන්දරය සෑදීමේදී කිසිදු මුදල් අය කිරීමකින් තොරව මෙම සියලුම ජ්යොතිෂ්ය ගණනයන් සහ විග්රහයන් සවිස්තරාත්මකව බලාගත හැක:
D1 රාශි, D9 නවාංශක සහ සියලු ෂෝඩශවර්ග (D2-D12) කේන්ද්ර, ග්රහයින්ගේ අංශක/ස්ඵුට/නැකත් පාද සමඟ භාවගත පලාපල විග්රහය.
උපන් මොහොතේ තිථිය, නැකත, යෝග, කරණ, වාරය (ජ්යොතිෂ්ය දිනය), භාව ආරම්භය/මධ්යය මෙන්ම තාරා, චන්ද්ර හා ගුරු බලයන්.
නවාංශක 108 තුළ ග්රහ පිහිටීම්, රාශි-නවාංශක දෙකෙහිම බලය ලබන වර්ගෝත්තම තත්වයන් සහ අතිශය දුර්ලභ, බලගතු පුෂ්කර නවාංශක/භාග පරීක්ෂාව.
ගජකේශරී, පංච මහා පුරුෂ, ධන යෝග ඇතුළු සුබ යෝග, නීචභංග රාජ යෝග මෙන්ම ලග්න සුබ/පාප සහ ප්රධාන යෝගකාරක ග්රහයාගේ ශක්තිය.
කුජ දෝෂය, කාලසර්ප, විෂ, ශනි මංගල, ගුරු චණ්ඩාල දෝෂ සහ ලග්න, ජන්ම, අෂ්ටම, කන්ටක ශනි ඒරාෂ්ටක කාල පරාසයන්.
ආයුෂ, සෞඛ්ය, මානසික පීඩා සහ කටයුතු ප්රමාද කරවන සංවේදී 22 වන දෙර්කාණාධිපති, 64 වන නවාංශකාධිපති සහ බාධක ස්ථානාධිපති පරීක්ෂාව.
ග්රහයින්ගේ පූර්ණ/විශේෂ දෘෂ්ටි පලාපල මෙන්ම ධූම, ව්යතීපාත, ඉන්ද්රචාප සහ මන්දි, ගුලික, කාල ආදී සියලුම ගුප්ත ගණිතමය උපග්රහ පිහිටීම්.
ලග්න, චන්ද්ර, සූර්ය කේන්ද්ර ත්රිත්වය එකවර විග්රහ කරන සුදර්ශන චක්රය සහ ඔබේ උපන් කේන්ද්රය මතින් මේ මොහොතේ සිදුවන සජීවී ග්රහ ගෝචර සැසඳීම.
උපන් දශා ශේෂය, මහ, අතුරු, විදශා කාල වකවානු සහ වර්තමාන හා ඉදිරි දශාවන්ගෙන් රැකියාව, ධනය, විවාහය, සෞඛ්යයට ලැබෙන පලාපල විග්රහය.
ලග්නය සහ ලග්නාධිපති අනුව සහජ දක්ෂතා, ගතිගුණ, පෞරුෂ ලක්ෂණ සහ ජීවිතයේ සාර්ථකත්වය ගොඩනැගෙන ආකාරය.
ශ්රී ලාංකීය සාම්ප්රදායික විසි (20) පොරොන්දම් සහ උතුරු ඉන්දියානු අෂ්ටකූට 36 ගුණ පරීක්ෂාව සමඟ කුජ දෝෂ ගැළපීම.
ශ්රී ලාංකීය, North Indian, South Indian හා 360° Circular Wheel සටහන් සහ මෙම සියලු විස්තර ඇතුළත් A4 PDF / JPG ක්ෂණික නොමිලේ බාගත කිරීම.
Kendaraya.lk යනු ශ්රී ලාංකික ඔබ වෙනුවෙන් සාම්ප්රදායික වෛදික ජ්යොතිෂ්ය සිද්ධාන්ත සහ නිවැරදි තාරකා විද්යාත්මක ගණනය කිරීම් පදනම් කරගත් විශ්වාසනීය සිංහල ඔන්ලයින් කේන්දර සේවාවකි. ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය අනුව සම්පූර්ණ කේන්දර සටහන, නවාංශකය, විංශෝත්තරී දශා කාලයන්, අද දවසේ ලග්න පලාපල මෙන්ම විවාහ පොරොන්දම් පරීක්ෂාව තත්පර කිහිපයකින් නොමිලේම ලබාගත හැක.
ඔබ ඇතුළත් කරන සියලුම උපන් දත්ත 100% ක් පෞද්ගලිකව සහ සුරක්ෂිතව තබාගන්නා අතර, කිසිදු තෙවන පාර්ශ්වයකට ලබා නොදේ.